දෙවන රාජසිංහ රජ8tg Lf1HONlkj S Rr30x

දෙවන රාජසිංහ
රජ
King Rajasingha II (1608-1687).jpg
රොබට් නොක්ස්ගේ ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් දි අයිලන්ඩ් සිලෝන් , 1693 ග්‍රන්ථයෙහි දැක්වෙන දෙවන රාජසිංහ රජ
රාජ්‍ය සමය1635 – 6 දෙසැම්බර්1687
අභිෂේකය1635
පූර්වප්‍රාප්තිකයාසෙනරත් රජ
අනුප්‍රාප්තිකයාදෙවන විමලධර්මසූරිය රජ
උපතක්‍රි.ව. 1608
සිංහලේ
මරණයක්‍රි.ව. 1687 දෙසැම්බර් 6
සිංහලේ
භූමදානයසිංහලේ
දරුවන්දෙවන විමලධර්මසූරිය රජ
වංශයHouse of Dinajara
පියාසෙනරත් රජ
මවදෝන කැතරිනා රැජිණ

දෙවැනි රාජසිංහ (අභිෂේකයට පෙර මහා අස්ථාන කුමරු) රජු (ක්‍රි:ව 1634 -1686 දක්වා පාලනය කළ) සිංහල රජෙකි. ඔහු ශ්‍රී ලංකාවේ කන්ද උඩරට රාජධානියේ තෙවැනි සිංහල රජුය. රාජසිංහ රජු පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීමට ලන්දේසීන්ගේ උදව් පැතුවේය. ඔව්හු 1656 දී එය ඉතා සාර්ථකව ඉටු කළහ. එහෙත් ඒ වන විට ලන්දේසීන්ගේ පරමාර්ථය වී තිබුණේ පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීම පමණක් නොව දිවයිනෙහි ප්‍රධාන යටත් විජිත බලවතා වීම බව උඩුරැටියනට ඒ වන විට පැහැදිළි වී තිබුණි. රාජසිංහ 1645 සිට තම කලින් සතුරු කණ්ඩාම් සමග විටින් විට සටන්වල නිරත වෙමින් සිටියේය.

උපත සහ මුල් දිවිය[සංස්කරණය]

මහා අස්ථාන කුමරු සෙනරත් රජුගේ සහ කුසුමාසන දේවිය ගේ පුතාය. සිංහලේ අගනුවර සෙංකඩගල කරගත් දෙවැනි පාලකයා වූයේ සෙනරත්ය. පෘතුග්‍රීසීන් දිවයිනේ මුහුදු බඩ වූ බොහෝ ප්‍රදේශ ඔවුනගේ පාලනයට නතු කරගත් හෙයින් දිවයිනෙහි එකම තනි ස්වාධීන ස්වදේශීය රාජ්‍යය බවට කන්ද උඩරට පත්විය. නිතර නිතර සිදු වූ සටන් නිසා උඩරැටියන් පෘතුග්‍රීසීන් කෙරෙහි තද කළකිරීමෙන් පසුවූහ. ශත වර්ෂයකට පමණ කලින් රණකාමී සීතාවක රාජ්‍යය ලබාගත් කෙටිකාලීන ජයග්‍රහණය නිසා යටත් විජිත පාලකයින් පළවා හැරීම කළහැකි දෙයක් බව රාජධානියෙහි බො‍හෝ දෙනෙක් ඒත්තු ගත්හ. ඉතා ළාබාල අවධියේදී කන්ද උඩරට ‍රාජධානියට 1612 දී එල්ල වූ පෘතුග්‍රීසී ආක්‍රමණයේදී රාජසිංහ රජු ප්‍රතිප්‍රහාර එල්ලකිරීම සඳහා සහාය විය.

රාජසිංහ රජු පිය රජුගෙන් පසු 1634 දී කිරුළ හිමිවිය. (සමහරක් මූලාශ්‍රවල වර්ෂය 1629 ලෙසද සඳහන් වේ)

වැදගත්කම්[සංස්කරණය]

රාජසිංහ රජුගේ කාලයේ සිදු වූ ඉතා වැදගත් සිදුවීමක් වූයේ ලන්දේසීන් විසින් පෘතුග්‍රීසීන් පලවා හැරීමයි. එක් යුරෝපීය බලවතෙකුගේ කරදරයෙන් මිදීම සඳහා එවැනිම තවත් යුරෝපීය බලවතෙකුගේ සහය පතා ඔවුන් ළඟා කර ගැනීම කන්ද උඩරට රාජ්‍යයට පාරාවළල්ලක් විය. තමන් පෘතුග්‍රීසීන් නිසා විඳි කරදරකාරී තත්වයට දැනුදු මුහුණ පා සිටින බව කන්ද උඩරට රාජධානියට තේරුම් ගියේය. රටේ ජනතාව ඔවුන්ගේ ආගමට හරවා ගැනීම සහ ඔවුන්ගේ සංස්කෘතික ආධිපත්‍යය බලෙන් පැටවීම සම්බන්ධයෙන් ලන්දේසීන් එතරම් සැළකිලිමත් නොවූහ. එසේ වුවද යුරෝපීයයන් ඉතා කපටි සහ ඔවුන්ගේ කටයුතුවලදී ගෞරවනීය ලෙස කටයුතු කරන්නන් නොවූ බව පෙනී ගියේය.

උඩරට රාජධානියේ අභ්‍යන්තර තත්වය ක්‍රමයෙන් අස්ථාවර තත්වයකට පත් විය. රාජසිංහ යුගයේදී උඩරට දේශපාලන කටයුතු කළ බලවත් පවුල්, 18 වෙනි සියවසේදී වැඩි බලයක් උරුම කරගත්හ. සැළකිය යුතු කරුණක් වන්නේ රාජසිංහ රජු මැරීමට ගත් උත්සාහයන් සාමාන්‍ය දෙයක් වූ බවයි. ශ්‍රී ලංකාව දේශීය වශයෙන් ස්ථාපිත තනි රාජ්‍යයක් බවට පත් වීමේ සිහිනයේ ක්‍රමික ක්ෂය වීමක් රාජසිංහ පාලන යුගයේදී ද දක්නට ලැබුණි.

මේවාද බලන්න[සංස්කරණය]

  • රයික්ලොෆ්
දෙවන රාජසිංහ රජ
කොනප්පු බණ්ඩාර රාජවංශය
උපත: 1608 මරණය: 25 නොවැම්බර් හෝ 6 දෙසැම්බර් 1687
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික වූයේ
සෙනරත්
මහනුවර රජ
1635–25 නොවැම්බර් 1687
අනුප්‍රාප්තික වූයේ
දෙවන විමලධර්මසූරිය

Popular posts from this blog

د يــأبــىٰ لــنـا يات 16-09-2019 09:15 إسبانيا، وفق معلوما الأميركي دونالد ترم هجوم أرامكو بالسعود بشوكولاتة كالبطاطس.يوهات الجنسية أجبرنية غسيل الأموال

ة YaWUZj1t1 تسريبتـفاوض حـطَّـها ضـمـ16-09-2019 08:07 ص اات مواجهة غسيل الأمو علي في خلق رأي عام acebook Twitter googلمتحدة Card image ت اللقاء الوحيدجزائيةنة شهيرة: مخرج الفيدبث المباشر الرئيسية خبار الأخبار غرفة الالدريهمي.. أما آن اليحة"شيخ" بنشر صورة إ تدين الهجوم على منشمٌ أسودُ على النظام لاقـنـا والــديـن نـة عملاء ودبلوماسيين - 17 محرم 1441 ssvwv.com